''අන්තිම මොහොත වෙනකන් මෙයාලා මේක රහසක් විදිහට තියාගත්තා''නභාශිගෙ කතාවෙන් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ සම්මාන කතාවේ තවත් නොදුටු පැත්තක් එළිවෙයි
මුළු රටේම ආන්දෝලනයක් කළ සිදුවීම තමයි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පසුගියදා පැවැති වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය අතරතුර, එම විදුහලේ 2023 වසරේ ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කළ චනිත්මා සිනලි ශිෂ්‍යාව තමාට අසාධාරණයක් වූ බවට වේදිකාව මතදීම කළ ප්‍රකාශය.
ඒවගේම එය බොහෝ සෙයින් සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය වුණ වීඩියෝවක් . ඒ වගේම මෙම සිදුවීමේදී නිරාකරණය කරගත යුතු කරුණු කිහිපයක් තියනවා . බොහෝ දෙනෙක් සිතාගන් සිටින්නේ ඇය තාමත් එම පාසලේ ශිෂ්‍යාවක් කියලා.
ඒත් එහෙම නෙමේ ඇය මේ වනවිට පාසලේ ආදි ශිෂ්‍යාවක්.
වසර 17ක් පුරාවට පාසලේ පුහුණුකරු ලෙස සේවය කරන චනිත්මාගේ පියාද ඇගයීම් සම්මානයක් ලබා ගත් බවද සදහන් . ඇය මෙම උත්සව අවස්තාවෙදී විශේෂ කතාවක් කළා.
තවද පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ ඇය රන් සම්මානය දිනාගෙන නොමැති බව පුවත්පත් වාර්තාවක සදහන් වෙනවා
නමුත් ඇය තම කතාවේදී සදහන් කළේ තමන් රන්සම්මානය දිනාගත් බවයි. එය 17 වන ස්ථානය බවයි පුවත්පතක සදහන් වෙන්නේ .
නමුත් පොදු රාජ්‍ය මණ්ඩලය තරග නියෝජනය කිරීමද සුවිශේෂී හැකියාවක්. මොකද ජාතික තරග වල කැපී පෙනෙන දක්ෂතා තිබුණොත් විතරයි.පොදු රාජ්‍ය මණ්ඩලයේ තරග නියෝජනය කරන්න ලැබෙන්නේ.
කෙසේ වෙතත් ඇය ස්කොෂ් ක්‍රීඩාව ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වලා තියනවා 2022/2024 යන වර්ෂවල ජාතික ශූරිය බවට පත් තිබෙන බවට පුවත්පතක සදහන් වෙලා තියනවා.
ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ නිර්ණායක වෙන්නේ පාසල් 300ක් සම්බන්ධ වන තනි තරග ඉසව්වක ප්‍රථම ස්ථානය ලබා තිබිය යුතුයි. නමුත් මෙම ස්කොෂ් ක්‍රීඩාව ක්‍රීඩාව ඇත්තේ බාලිකා පාසල් වල අල්ප සංඛ්‍යාවකයි.
නව තරග වාර්තාවක් ලබා තිබීමද අවශ්‍ය වෙන බව එම පුවත්පත් වාර්තාවේ සදහන් වෙනවා.
ඒ වගේම සම්මානය හිමි කරගත් නභාෂි සිසුවිය පාසල් 350ක් පමණක් සහභාගී වූ 2022 ශ්‍රී ලංකා පාසල් පිහිනුම් ශූරතාවයේ මීටර් 50 සමණළ ආර වාර්තා පිහිටවපු කෙනෙක් වග එම වාර්තාවේ සදහන් වෙලා තියනවා.
කෙසේ වෙතත් මෙම සම්මාය හිමි කරගත් නභාෂි පෙරේරා සිසුවිය සදහන් කරන්නේ ඇය සදහන් කරන්නේ ඇයට මුලින්ම කතාකරලා ෆොටෝ එවන ලෙස දැනුම් දුන් බවයි .නමුත් තමන් සම්මානය ලබාගන්නා තෙක්ම සම්මානය තමන්ට ලැබෙන බවක් නොදැන සිටි වග සදහන් කරලා තියනවා.
ඒ වගේම ඔවුන් reasheal කරන වෙලාවෙවත් දෙන්නගෙන් කවුරුවත් මේ පිළිබදව නොදැන සිටි බවයි ඇය කියන්නේ.
අන්තිම මොහොත වෙනකන් පාසල මේක රහසක් විදිහට තබාගත් වග ඇය සදහන් කරනවා .නමුත් මේ සිදුවීමෙන් තමාව අපහසු තාවයට පත් වුණ බවත් ඇය සදහන් කරලා තිබුණා.
ඒ වගේම ඒ කතාවෙන් පස්සෙ සම්මානෙ ගත්තු මම වැරදි කියලා මිනිස්සු හිතන්න ගත්තා .මම ගත්තේ මට පාසලෙන් දීපු සම්මානය .නමුත් මේ සිදුවීමෙන් මට සමාජ මාධ්‍යයේ බැනලා පවා තිබුණා. නමුත් චනිත්මයි මමයි අදටත් කතා කරනවා අපි තරහක් නෑ.
ඒ ඇගේ අදහසයි.
ඉතිං ඕනෑම සිදුවීමක මිනිස්සු නිගමන වලට සොයන්නේ බලන්නෙ නැතුව එන එකනම් වැරැද්ද කියලනම් කියන්න ඕනෙ.