මුලතිව් රෝහලේ දරුවාව මැරුවද? මැරුණද? - විමර්ශන ඇරඹේ

Report

රජයේ ප්‍රධාන සංවිධායක හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, 2025 දෙසැම්බර් 21 දින රාත්‍රී 7.20ට පමණ මුලතිව් දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබූ 12 හැවිරිදි කුගනේෂන් දිනෝජා නමැත්තාගේ මරණය ඝාතනයක් ලෙස බැහැර කළ නොහැකි බවයි.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් ආර්චුනා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

'සනා මාමා'ට වෙඩි තබා ඝාතනය කරපු හැටි මෙන්න - චූවා සමන්තයි බඩෝවිට අසංකයි ගැටේ

'සනා මාමා'ට වෙඩි තබා ඝාතනය කරපු හැටි මෙන්න - චූවා සමන්තයි බඩෝවිට අසංකයි ගැටේ

අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ;

“අවාසනාවන්ත ලෙස දරුවෙකුගේ මරණයක් සිදුවී ඇති බවට සැකයක් නැහැ... සිද්ධිය ගැන අපි දැඩි ලෙස කනස්සල්ලට හා කණගාටුවට පත්වෙනවා. මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික් මූලික රෝහල විසින් දැනටමත් මූලික පරීක්ෂණයක් පවත්වා ඇති අතර, විමර්ශන වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබිල තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණු විමර්ශන වාර්තාව මත පදනම්ව, මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දැනට සිදු කෙරෙමින් පවතිනවා..

“රෝහල් කාර්ය මණ්ඩලයේ කිසියම් නොසැලකිල්ල නිසා මරණය සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් සිදුවෙමින් පවතිනවා, සිදුවෙමින් පවතින විමර්ශනයට හානියක් නොවන පරිදි මරණයට හේතුව පිළිබඳ වැඩිදුර තොරතුරු මම නුදුරු අනාගතයේ දී ලබා දෙන්නෙම්” 

පාර්ලිමේන්තුව ඇතුළෙන් අයිස් බිස්නස්! ගහයි.. විකුණයි.. ජයටම යයි

පාර්ලිමේන්තුව ඇතුළෙන් අයිස් බිස්නස්! ගහයි.. විකුණයි.. ජයටම යයි