හෙළ සංගීත අඹරෙන් තවත් තරුවක් නිවී යයි- සංගීතඥ විමලජිත් දොඹගහවත්ත සමුගනී

By Kanchana Sep 02, 2026 06:30 AM GMT
Report

සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්‍රාප්ත වී තිබේ.

 අභාවප්‍රාප්ත වෙන විට ඔහුගේ වයස අවුරුදු 69 කි.

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගායකයෙක් සහ ගීත රචකයෙක් ලෙස එතුමන් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් සිදුකරනු ලැබීය.

සීතල කැටි ගැසී ගීතය, රොටිය කරවෙලා නෝනේ, රෑ සඳ පාන ගෙතුලට ගේන වැනි නිර්මාණ ඔස්සේ ඔහු ප්‍රේක්ෂක හදවත් තුළට සමීප වීමට සමත් විය 

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සහ අවසන් ගෞරව දැක්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී තොරතුරු දැනුම් දීමට නියමිතය. විමලජිත් දොඹගහවත්ත මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

තවත් ප්‍රවීණ‍යෙක් යන්න යයි - රටම ආදරය කළ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

තවත් ප්‍රවීණ‍යෙක් යන්න යයි - රටම ආදරය කළ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි