මව නිවසේ නැති මොහොතේ දුවට සිදුවූ අවාසනාවන්ත ඉරණම..මිහින්තලය සංවේදී කළ පුවතක්..

Report

මිහින්තලය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් දූෂණය කර මරා දමා ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (29) දහවල් කාලයේ මිහින්තලය පොලිස් වසමේ දොරමඩලාව ප්‍රදේශයෙන් එම සිද්ධිය වාර්තා වී ඇත.

මරණකාරිය තම මව සමග නිවසේ පදිංචිව සිට ඇති බවත් මව අසල නිවසක රැකියාව සඳහා ගොස් සිටියදී අසල ගමක පදිංචි පුද්ගලයෙකු නිවසට පැමිණ අදාළ කාන්තාව දූෂණය කර ඝාතනය කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසීය ප්‍රකාශ කරයි.

එසේ මියගොස් ඇත්තේ, 51 හැවිරිදි 03 වන පියවර, දොරමඩලාව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය ඝාතනය සිදුකළ වයස අවුරුදු 47ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now