රටම කම්පා කළ සිව්හැවිරිදි දැරියගේ මරණය සිදු වූ ආකාරය හෙළිවෙයි..

Report

රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇතැයි අනාවරය වී තිබෙනවා.

ඊයේ (17) දින එම දැරිය පදිංචි ප්‍රදේශයේ ළිඳකට වැටී මිය ගොස් ඇතැයි රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි, පොලීසිය ප්‍රකාශ කළේ.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.


මියගිය දැරිය අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි දෙව්මි අමායා නමැති පුංචි දියණියක්.

තොරතුරු අනාවරණය වී තිබෙන ආකාරයට එම ඛේදවාචකය සිදුව ඇත්තේ, පසුගිය 16 වනදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් කාලයේදී ය.

දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බවයි, පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය දැරියගේ මව ගොළු කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

වෙළෙඳපොළේ පවතින පොල්තෙල් සම්බන්ධයෙන් රතු එළියක්..

වෙළෙඳපොළේ පවතින පොල්තෙල් සම්බන්ධයෙන් රතු එළියක්..


මෘත ශරීරය මේ වනවිට ඥාතීන්ට භාර දී තිබේ.

රුවන්වැල්ල පොලීසිය අදාල සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්ෂණ සිදු කරයි.

Gallery