මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අයෙක් පොලිස් දැලේ
By Gagana News
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මූතූර් පොලිසිය සමත් ව තිබේ.
සැකකරු ඊයේ (08) දින අලුයම් කාලයේදී මූතූර් පොලිස් වසමේ මනච්චේන ප්‍රදේශයේදී පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30ක් වන ආනන්දපුර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී මොරවැව පොලිස් වසමේදී සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවට අනාවරණය වී ඇත.
සැකකරු මූතූර් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.