අනියම් පෙම් රස විදින්න ගිය හැට හැවිරිදි පුද්ගලයාට නොහිතු ප්‍රහාරයක්..

By Piyumika Jan 29, 2025 02:23 AM GMT
Report

අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (28) එම සිදුවීම වාර්තා වී තිබුණේ මාදම්පේ, පැරණි නගරය ප්‍රදේශයෙනි.

නිවසක පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකර ඇති බවට මාදම්පේ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබුණි.

බේරේ වැවේ සතුන් මිය ගියේ ඇයි?..

බේරේ වැවේ සතුන් මිය ගියේ ඇයි?..

ඒ අනුව, පොලීසිය එම ස්ථානයට ගොස් තුවාලකරුවන් වහාම ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, පැරණි නගරය, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාලකාරියගේ ස්වාමිපුරුෂයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවත්, අනියම් සම්බන්ධතාවයක් එම ඝාතනයට හේතු වී ඇති බවත්, සිදුකරන ලද විමර්ශනයේදී, අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය අද..

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය අද..

ඝාතනය සිදුකළ සැකකරු ඊයේ රාත්‍රී කාලයේ මාදම්පේ පොලිස් වසමේ පට්ටියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 ක් වූ පට්ටියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.  

You may like this video