සුරූපී තරුණිය ඝාතනය කර ඇඳක ගැට ගැසූ සැමියා..මියගිය තරුණියට කරන්න ඕන දේ යූටියුබ් එකෙත් බලල.

By Aruna Jan 08, 2025 03:15 AM GMT
Report

සිය බිරිඳ ඝාතනය කර නිවසේ ඇඳෙහි ගැටගසා තිබියදී සොයාගෙන ඇති සංවේදී පුවතක් ඉන්දියාවේ නිරිතදිග දිල්ලි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි දීපිකා චෞහාන් නමැති තරුණියක් බවයි.

මෝටර් රථ ආනයනය සහ බද්ද ගැන ජනපති අනුර කරන්න යන දේ මෙන්න.

මෝටර් රථ ආනයනය සහ බද්ද ගැන ජනපති අනුර කරන්න යන දේ මෙන්න.


ඇයව ඝාතනය කර වෙනත් ප්‍රදේශයකට පළාගිය සැමියා දින කිහිපයකට පසු නැවත දිල්ලිය බලා පැමිණ ඇත්තේ, සිය බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් ඇති බවට සැකකළ මිතුරෙකු ඝාතනය කිරීමේ අරමුණින් බව ද අනාවරණය වී තිබේ.

එසේම ඔහු නැවත දිල්ලිය වෙත එන අතරමගදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ධන්රාජ් නමැති මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවූ පුද්ගලයෙක් බවයි.

හිටපු ප්‍රබල ඇමතිවරයෙක් හසිදියේ මිය යයි..

හිටපු ප්‍රබල ඇමතිවරයෙක් හසිදියේ මිය යයි..


තවද ඔහු සඳහන් කර ඇත්තේ, ඇය දෙසැම්බර් 29 වැනිදා ඝාතනය කළ බවත්, ඝාතනය කර දින කිහිපයකට පසු මළසිරුර කැබලි කර පාළු ස්ථානයකට ගෙන ගොස් දැමීමට අදහස් කළ බවය.

එමෙන්ම ඝාතනය සිදු කිරීමට පෙර දේහය කැබලි කළ හැකි ක්‍රම යූ ටියුබ්හි සෙවූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

You May Like This Video