අමානුෂික ලෙස අයෙක් ඝාතනය කර කොටියා පළා යයි..
By Piyumika
පුද්ගලයෙකුට මන්නයකින් සිදු කළ පහර දීමකින් එම පුද්ගලයා රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
ඊයේ (26) රාත්‍රියේ දී මෙම පහර දීම සිදු කර ඇත්තේ වෙනිවැල්කැටිය වෙන්දේසිවත්ත, නාගොඩ ප්‍රදේශයේ ජීවත් වූ ජයකොඩි ආරච්චිලාගේ සුගත් නමැති අයෙක්.
පෞද්ගලික ආරවුලක් ඝාතනයට හේතු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මරණකරු කඩිනමින් නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මේ වනවිට එම ඝාතනය සිදු කළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු “කොටියා”නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
You may like this video