කැළණි ගගෙන් මතුවූ කිසිවෙක් නොසිතූ අභිරහස් සිදුවීම.

Report

කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ මීගමුව මාර්ගයේ ගෑස් වත්ත පිටුපස කැලණි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට තොරතුර ලැබී තිබුණේ ඊයේ (31) සවස් කාලයේදී යි.

දිවයින පුරා ඉදිරි පැය 24රේ වැසි තත්ත්වයේ වැඩිවීම ගැන දැනුම්දීමක්..

දිවයින පුරා ඉදිරි පැය 24රේ වැසි තත්ත්වයේ වැඩිවීම ගැන දැනුම්දීමක්..


මෘතශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර කොළඹ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි, පොලීසිය සඳහන් කළේ.

වයස අවුරුදු 45ත් 50ත් අතර, උස අඩි 05යි අඟල් 07 ක් වන එම පුද්ගලයා අළු පැහැති දිග කලිසමක් පමණක් පැලඳ සිට ඇති බවද පොලීසිය ප්‍රකාශ කරයි.

ප්‍රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..මගීන්ට විශේෂ දැනුම්දීමක්..

ප්‍රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..මගීන්ට විශේෂ දැනුම්දීමක්..


කොණ්ඩය කළු සුදු මිශ්‍ර වන අතර හිස මැද තට්ටය ද පෑදී ඇති බවත්, මුහුණ පුරා රැවුල ද වවා ඇති බව පැවසේ.

සිද්ධිය ගැන පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවසන්වා.