බිරිඳටද අමානුෂීය ලෙස පහර දී පුතා ඝාතනය කර පලා ගිය පියා සොයයි ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Murder
By Piyumika Sep 12, 2024 01:56 AM GMT
Piyumika

Piyumika

Report

සිය පුතු ඝාතනය කර බිරිඳටද අමානුෂීය ලෙස පහරදුන් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ජනාධිපතිවරණය නිසා වෙලා තියන දේ ඇහුවොත් ඔයත් පුදුම වෙයි..

ජනාධිපතිවරණය නිසා වෙලා තියන දේ ඇහුවොත් ඔයත් පුදුම වෙයි..

ඒ රත්මලාන, මාලිගාව පාර ප්‍රදේශයෙනි ඊයේ(11) උදෑසන 5.30ට පමණ මෙම අපරාධය සිදුව ඇති බව පොලිසිය සඳහන් කලේය.

ඝාතනය සිදුකළ පුද්ගලයා ඊයේ අලුයම සිට මල් ගසක් අසල කැප් එකකින් මූණ වසා සිටි බව උදෑසන එම නිවසින් උදෑසන රැකියාව සඳහා පිටත්ව ගිය ඝාතනයට ලක් වූ තරුණයාගේ මිත්තණිය දැක තිබේ .

මීට වසර විසිතුනකට පෙර අද වගේ දවසක..(VIDEO/PHOTOS)

මීට වසර විසිතුනකට පෙර අද වගේ දවසක..(VIDEO/PHOTOS)

ඇය නිවසින් පිටත්ව ගොස් සුළු මොහොතකට පසු ආයුධ රැගෙන නිවසට පැමිණි මෙම පුද්ගලයා තම පුතු ඝාතනය කර සිය බිරිඳටද අමානුෂීය ලෙස පහර දී ඇති බවයි ගල්කිස්ස පොලිසිය සඳහන්කර සිටියේ.

එම අපරාධය සිදුකර ඔහු පළාගොස් ඇති අතර මව මේ වනවිට රෝගල්ගතව ප්‍රතිකාර ලබන අතර පළාගිය පුද්ගලයා සොයා ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.