ජනාධිපතිවරණය නිසා වෙලා තියන දේ ඇහුවොත් ඔයත් පුදුම වෙයි..

Sri Lanka Sri Lanka Presidential Election 2024 slpresidentialelection
By Piyumika Sep 11, 2024 04:55 AM GMT
Piyumika

Piyumika

Report

මැතිවරණ සමය ආරම්භ වීමත් සමගම රතිඤ්ඤා ඇතුළු ගිණිකෙළි සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ගිණිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු පවසයි.

නොවැළක්විය හැකි හේතුවක් නිසා ඔයාටත් බැරි උනාද ,.කමක් නැහැ හැබැයි අද සහ හෙට අවස්ථාව මග හැර ගන්න එපා..

නොවැළක්විය හැකි හේතුවක් නිසා ඔයාටත් බැරි උනාද ,.කමක් නැහැ හැබැයි අද සහ හෙට අවස්ථාව මග හැර ගන්න එපා..

වෙනත් වසරවල මෙම වකවානුව තුළ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙළි අලෙවිය ඉතාමත්ම අඩු මට්ටමක පවතින බව පවසන ඔහු මෙම කාලය තුළ රතිඤ්ඤා නිෂ්පාදකයින් සිදුකරනුයේ තම නිෂ්පාදනයන් සිදුකර ඉදිරියේ එන නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගබඩාකර තබා ගැනීම බවද කීය.

එහෙත් ජනාධිපතිවරණය ප්‍රකාශ වීමත් සමගම හා ප්‍රචාරක රැළි ආරම්භ වීමත් සමග රතිඤ්ඤා සහ මල් වෙඩි අලවිය ඉතා ඉහළ ගොස් ඇතැයි ඔහු  පැවසීය.

හැමෝම ආස කරපු ඒ හඬ අද යන්නම ගිහින්..

හැමෝම ආස කරපු ඒ හඬ අද යන්නම ගිහින්..

මෙම තත්ත්වය නිසා මේ දිනවල මැතිවරණ රැලි සංවිධායකයන් රතිඤ්ඤා සහ මල් වෙඩි මිලදී ඇතුළු අනිකුත් ගිනි කෙළි මිලදී ගැනීම සඳහා කිඹුලා පිටිය ප්‍රදේශයට විශාල වශයෙන් පැමිණෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .

මේ අතර කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදකයින් පවසන්නේ තම නිෂ්පාදනයන් රැගෙන ගොස් අලවි කරන වෙළඳුන්ද මේ වන විට රතිඤ්ඤා, මල් වෙඩි,ඇතුළු අනෙකුත් ගිනිකෙළි භාණ්ඩ විශාල ලෙස අලවිය සඳහා රැගෙන බවය.