බිරිඳටද අමානුෂීය ලෙස පහර දී පුතා ඝාතනය කර පලා ගිය පියා සොයයි ..
සිය පුතු ඝාතනය කර බිරිඳටද අමානුෂීය ලෙස පහරදුන් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ රත්මලාන, මාලිගාව පාර ප්‍රදේශයෙනි ඊයේ(11) උදෑසන 5.30ට පමණ මෙම අපරාධය සිදුව ඇති බව පොලිසිය සඳහන් කලේය.
ඝාතනය සිදුකළ පුද්ගලයා ඊයේ අලුයම සිට මල් ගසක් අසල කැප් එකකින් මූණ වසා සිටි බව උදෑසන එම නිවසින් උදෑසන රැකියාව සඳහා පිටත්ව ගිය ඝාතනයට ලක් වූ තරුණයාගේ මිත්තණිය දැක තිබේ .
ඇය නිවසින් පිටත්ව ගොස් සුළු මොහොතකට පසු ආයුධ රැගෙන නිවසට පැමිණි මෙම පුද්ගලයා තම පුතු ඝාතනය කර සිය බිරිඳටද අමානුෂීය ලෙස පහර දී ඇති බවයි ගල්කිස්ස පොලිසිය සඳහන්කර සිටියේ.
එම අපරාධය සිදුකර ඔහු පළාගොස් ඇති අතර මව මේ වනවිට රෝගල්ගතව ප්‍රතිකාර ලබන අතර පළාගිය පුද්ගලයා සොයා ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.