අමානුෂික ලෙස මුහුණ දෙකට වෙන්වෙන්න කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක්..
By Piyumika
සිදුව අමන්දොළුව අංක 5 බේස්ලයින් පාරේ මරීනා මාවතේ පිහිටි නෙවාසිකාගාරයක ඇඳක් මත ඝාතනය කර දමා තිබූ කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇතැයි සීදුව පොලීසිය පැවසීය.
එලෙස ඝාතනය ලක්ව සිටි කාන්තාවගේ මුහුණ ප්‍රදේශයට තියුණු ආයුධයකින් දෙකට වෙන්වන තරමට යම්කිසි කෙනෙක් කොටා ඇත.
මරණකාරිය 43 හැවිරිදි එක්දරු මවක් වන හේරත් මුදියන්සේලාගේ ෂිරෝමි පුෂ්පලතා වන බවට හඳුනාගෙන තිබේ .
ඇය වසර දහයකට ආසන්න කාලයක් වෙළඳ කලාපයේ ආයතන කීපයක රැකියාවේ නියුතුව සිට මේ වනවිට වෙළඳ කලාපයට අනුයක්ත මෑන් පවර් ආයතන වලට සම්බන්ධ වී රැකියාවේ නියුතුව සිටන කාන්තාවකි.