සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට තරඟ තහනමක් එක්ක දඩයක්.. සෙසු අය ගැනත් වහාම තීරණයක් අරන් මෙන්න.(PHOTOS)

Report

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යාට තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබෙනවා.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට තරඟ තහනමක් එක්ක දඩයක්.. සෙසු අය ගැනත් වහාම තීරණයක් අරන් මෙන්න.(PHOTOS) | Mumbai Indians Captain Hardik Pandya

ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ය.

එයට හේතුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (17) සහභාගී වූ අවසන් තරගයේ දී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාමයි.

ඒ අනුව හර්දික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරග තහනමක් පනවා තිබෙනවා.

එමෙන්ම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 50%ක් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට තරඟ තහනමක් එක්ක දඩයක්.. සෙසු අය ගැනත් වහාම තීරණයක් අරන් මෙන්න.(PHOTOS) | Mumbai Indians Captain Hardik Pandya

අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරගාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වේ.

ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත් විය.