ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා තිබෙනවා.
අද (15) විශාඛාපට්නම් සිට පැමිණි ලියර් ජෙට් ගුවන් යානයක් මගීන් 06 දෙනෙකු සහ ගුවන් නියමුවා හා සහයක ගුවන් නියමුවා සහිතව ගොඩ බෑමේදී ගුවන් පථයේ දී ලිස්සායාම නිසා මෙලෙස වසා දමා ඇති බව සඳහන්.
අනතුරින් තුවාල ලැබූ මගීන් 06 දෙනෙකු සහ ගුවන් නියමුවා හා සහයක ගුවන් නියමුවා වහාම රෝහල් ගත කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධික වර්ෂාව මැද ගුවන් යානය ගොඩ බෑමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.