“වකුගඩුවක් නරක් වූ අවුරුදු 3ක දරුවාට සිදු වූ දේ ගැන අවුරුදු 3ක් තිස්සේ වාර්තාවක් නෑ” – මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

Report

මුජිබර් රහුමාන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්, වකුගඩු සම්බන්ධ රෝගී තත්ත්වයක් හේතුවෙන් අවුරුදු 3ක දරුවෙකුට ශල්‍යකර්මයක් සිදු කිරීමේදී සිදුවූ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලදී.

“ගරු ඇමතිතුමනි, 2023 ජුලි 27 වැනිදා කොළඹ Lady Ridgeway රෝහලේදී හන්දි කියන දරුවා, අවුරුදු තුනක දරුවෙක්. කොටහේන ප්‍රදේශයේ එයාගේ එක වකුගඩුවක් නරක් වෙලා තිබුණා. ඒ වකුගඩුව සම්බන්ධ බෙහෙත් ගන්න ඇඩ්මිට් කළාම වකුගඩු දෙකම අයින් කළා. ඒ අයින් කරලා දරුවා ඊට පස්සේ මිය ගියා. දැන් ඒ මිය ගියාට පස්සේ මේ සම්බන්ධ දෙමාපියන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කළා. මොකද, ඒ ඔපරේෂන් එක කරපු වෛද්‍යවරු, ඒකට සහාය වෙච්ච වෛද්‍යවරු, ඒකේ ලැබ් එක භාරව හිටපු සියලු දෙනාම දැන් විදේශගත වෙලා තියෙන්නේ. ඒ ළමයා මිය යාමත් එක්ක සියලු දෙනාම රට ගියා. දැන් ඉන්නේ රට. දැන් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරලා 2023 ඉඳන් දැන් අවුරුදු තුනක් වෙනවා. මං මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය අහන්නේ මේ ඇමතිතුමාගෙන් තුන්වැනි වතාව. දැන් කලින් හිටියා අපේ ඇමතිතුමා 2024. කවුද අපේ ගාල්ලේ මන්ත්‍රීතුමා රමේෂ් පතිරණගෙනුත් මම ඇහුවා මේ වාර්තාව ඇයි දෙන්නේ නැත්තේ කියලා. නලින්ද ජයතිස්ස ඇමතිතුමාගෙනුත් මං මීට මාස ගාණකට කලින් ඇහුවා වාර්තාව දෙන්නේ නැත්තේ ඇයි කියලා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දරුවාගේ මරණය සම්බන්ධව පරීක්ෂණයක් කරලා, මං හිතන්නේ ඒක භාරව ඉන්නේ දොස්තර අතපත්තු. දැන් මේ දෙමාපියන්ට මේ වාර්තාව දෙන්නේ නැහැ. අවුරුදු තුනක්. ඇයි දන්නේ නැහැ මේ වාර්තාව හංගන්නේ? මම අහනවා ඔබතුමාගෙන්, මේ වාර්තාව දෙන්න පුළුවන් දිනයක් කියන්න පුළුවන්ද මට?”

''තමන් විශ්වාස කළ මතය වෙනුවෙන් කෙලින් සිටි කලාකාරිනියක් '' සජිත් නන්දා මාලනියන් ගැන සංවේදී වෙයි

''තමන් විශ්වාස කළ මතය වෙනුවෙන් කෙලින් සිටි කලාකාරිනියක් '' සජිත් නන්දා මාලනියන් ගැන සංවේදී වෙයි

2026 පළමු මාස හයට ඉන්ධන ගේන්න ගිය දැවැන්ත වියදම අගමැතිනිය හෙළි කරයි

2026 පළමු මාස හයට ඉන්ධන ගේන්න ගිය දැවැන්ත වියදම අගමැතිනිය හෙළි කරයි