''තමන් විශ්වාස කළ මතය වෙනුවෙන් කෙලින් සිටි කලාකාරිනියක් '' සජිත් නන්දා මාලනියන් ගැන සංවේදී වෙයි

Report

ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය   පිළිබද සංවේදී වෙමින්      ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හිටගත්තු ,  තමන්  විශ්වාස කරපු මතය වෙනුවෙන් පෙනී සිටපු කාලාකාරිනියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ.

එතුමා තව දුරටත්  පාර්ලිමේන්තුවේදී සදහන් කළේ මෙවන් අදහසක්   

''  කිසිම දේකට නැමුණේ නැති මහජනතාවත් එක්ක හිටගත්තු කලාකාරිනියක් හැටියටත් .මානව දයාව ඉහළින්ම හිටිය කලාකාරිනියක් .මම එතුමියට ආමන්ත්‍රණය කළේ නන්දා ඇන්ටි කියලා . ඒ තරම් පොඩි කාලේ ඉදන් එතුමිය දන්නවා මට මතක් වෙනවා මේ රටේ පරිවර්තනීය වෙනවා .මේ රටේ පරිවර්තනාත්මක යුගයක් නිර්මාණය වුන 77 මැතිවරණ ව්‍යාපාරය කලාකරුවන් අතරින්   සියයට   අනූ ගානක් පමණ එක්සත් ජාතික පක්ෂයේ හිටියා . නමුත් ගරු නන්දා මාලිනී මැතිනිය ඒ වේදිකාවේ හිටියේ නෑ හෘද ශාක්ෂියට එකගව එතුමිය දරපු මතය කිසිදාක නොවෙනස්ව නොකිලිටිව තමන් හිටගත්තු ස්ථාවරයේ ඉන්න විශිෂ්ට ගුණාංගය එතුමිය සතුව තිබුණා. අපි දන්නවා එතුමියගේ අදහස් වලට පවතින ආණ්ඩුත් විරුද්ධ වුණා අපි ඇත්ත කතා කරනවනම් රාජ්‍ය මාධ්‍යයේදී එතුමියට ලබා දුන්නු ඉඩකඩ සීමා කළා . මමනම් ඒකාලේ දේශපාලනේ හිටියේ නෑ .නමුත් ඒ පාර්ශවය නියෝජනය කරන අපි අපිටම ඇගිල්ල දිගු කිරීම වැදගත් .  ''