කෙහෙළිය ගෙනාපු ඒවගෙන් මිනිස්සු මැරුන් නෑ සංකූලතා ඇති වුණා විතරයි හැබැයි මේ ආණ්ඩුව යටතේ දෙන්නෙක් මැ‍රිලා - දයාසිරි

Report

ඖෂධ භාවිතයේදී සිදුවූ මරණ සහ සංකූලතා නිසා රට තුළ උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අදහස් දැක්වුවා.

ඒ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය යටතේයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේ පසුගිය ආණ්ඩුව බලයෙන් ඉවත් වීමට හේතුවක් බවට පත් වූ human immunoglobulin ඖෂධ ගැටලුව මේ වන විට නැවත වත්මන් ආණ්ඩුවට පැමිණ ඇති අර්බුදයක් බවට පත්ව ඇති බවයි.

ඒ අනුව ඔහු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවලට අනුව, 2024 වසරේදී human immunoglobulin ඖෂධ මරණ වාර්තා වී තිබේ.

එහිදී ත්‍රිකුණාමලයේදී එක් අයෙකු මිය ගිය බවත්, තවත් කිහිප දෙනෙකුට සංකූලතා ඇති වූ බවත් වාර්තා වී තිබෙනවා.

ඊයේ රැළිය නිසා බැසිල්ගේ හොර එළිවෙයි - බරපතළ කරුණු රැසක් එළියට

ඊයේ රැළිය නිසා බැසිල්ගේ හොර එළිවෙයි - බරපතළ කරුණු රැසක් එළියට

එසේම අඳාළ තත්ත්වය පිළිබඳව අහිතකර ඖෂධ හේතුවෙන් පරීක්ෂණ අවසන් වන තුරු නිෂ්පාදනය ඉවත් කර ගන්නා ලෙසට, වෙළෙඳපොළ බලයලත් හිමිකරු ට ලිපි මඟින් දැනුම් දී ඇත. 2024 ඔක්තෝබර් 18 වන දින, බැක්ටීරියා එන්ඩොටොක්සින් පරීක්ෂණය සහ අංශු පරීක්ෂණය යන පරීක්ෂණවලට අනුකූල වීමට අපොහොසත් වීම නිසා ඖෂධය වහාම ඉවත් කර ගන්නා ලෙසට ද නැවත දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර අඳාළ ඖෂධය බ්‍රිතාන්‍ය ඖෂධ සංග්‍රහයේ (British Pharmacopoeia - BP) ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බව අවශ්‍යය වුවත් එම තත්ත්වය නොතිබූ බවට චෝදනා එල්ල වී තිබුණා. අඳාළ ක්‍රියාදාමය සිදුවෙමින් තිබියදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජයසේකර මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

ඒ අනුව මියගිය පුද්ගලයන්, කේ. ඩී. සුජීව (අවුරුදු 58, ගම්පහ පදිංචි) – 2025/06 දින කොළඹ උතුරු ශික්ෂණ රෝහලේදී ත් ජී. ජී. නන්දසිංහ (අවුරුදු 69, මහනුවර පදිංචි) – මහනුවර රෝහලේදීත් මිය ගොස් ඇති බව සඳහන්.

මේ අතර 2025 ජනවාරි 12 දින සෆරෙක් කමිටුවේ රැස්වීමකදී, නිෂ්පාදකයාගෙන් ලැබුණු අමතර ලියකියවිලි සමාලෝචනය කිරීමටත්, තායිලන්තය, බංග්ලාදේශය සහ සිංගප්පූරුව යන රටවල WHO පූර්ව සුදුසුකම් ලත් රසායනාගාරවලින් පරීක්ෂණ වාර්තා ලබා ගැනීමටත් තීරණය කර ඇති බව වාර්තා වුවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, එම තීරණය සිද්ධ නොවූ බවයි.

ඒ අනුව තායිලන්තය, සිංගප්පූරුව හෝ බංග්ලාදේශයෙන් පරීක්ෂණ වාර්තා ලබා ගැනීම වෙනුවට, ඉන්දියාවේ මධ්‍ය ඖෂධ තත්ත්ව පාලන ආයතනය මඟින් වාර්තා ලබාගෙන, ඖෂධය භාවිතයට ගන්නා ලෙසට තීරණය කර තිබෙනවා.

එසේම ආරක්ෂාව සහ අවධානයකින් යුත් උපකමිටුව මඟින්, මුලින් මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කරන මෙන් වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දී තිබුණද ඉන් අනතුරුව කරන ලද පරීක්ෂණවලදී එම ඖෂධය නියම ප්‍රමිතියෙන් යුක්ත බවට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, "කොහෙන්ද නිති ප්‍රමිතියෙන් යුක්තයි කියලා කිව්වේ" යනුවෙන්.

එමෙන්ම ඔහු විමසා සිටියේ බ්‍රිතාන්‍ය ඖෂධ සංග්‍රහයේ (BP) ප්‍රමිතිය යටතේ පරීක්ෂා කළ යුතු ඖෂධයක්, ඉන්දියානු ඖෂධ සංග්‍රහයේ (IP) ප්‍රමිතිය යටතේ පරීක්ෂා කර තිබෙන්නේ ඇයි ද යනුවෙන්.

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

එසේම මේ රටේ දෙදෙනෙක් මිය ගොස්, විශාල ප්‍රමාණයකට සංකූලතා ඇති වී තිබියදීත්, මෙම ඖෂධය නැවත පාවිච්චියට ගැනීමට තීරණය කිරීම බරපතළ තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙයි. තවද ඔහු සඳහන් කළේ, අතීතයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාලයේදී සංකූලතා ඇති වුවද මෙසේ මිනිසුන් මිය නොගිය බවයි.

ඒ අනුව ජයසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, මෙම සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් පවත්වන ලෙසයි. එමෙන්ම වැරදි නිෂ්පාදනයක් ලියාපදිංචි කළේ කවුරුන්ද සහ නැවත භාවිතයට ගත් ඖෂධ මොනවාද යන්න පිළිබඳව ද රටට හෙළිදරව් කරන ලෙසයි.

මෙම තත්ත්වයට ඖෂධ නියාමන අධිකාරිය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කළා.

" මම ඇමතිතුමාගෙන් අහන්න කැමතියි කොහෙන්ද නිසි ප්‍රමිතියකින් යුක්තයි කියල කිව්වො කිව්වෙ. ඒක ඔබතුමත් එක්ක තියෙන පෞද්ගලික තරහක් නෙවෙයි මම දන්නා ඔබතුමා මේ වගේ ජරා වැඩ කරන්නේ නැහැ කියලා. හැබැයි මේ වැඩේ දැන් සිද්ධ වෙනවා ඔබතුමාලගේ ආණ්ඩුව යටතේ. ඒකයි තියෙන ප්‍රශ්නේ ඔබතුමාලා දන්නවා අද කෙහෙළිය රඹුක්වැල්ල හිරේ ඉන්නවා එළියට එනවා ඇතුළට යනවා කොයි වෙලේ හිරේ ඉන්නවද එළියට එනවද කියලා කවුරුත් දන්නෑ...මෙතනට ඇවිල්ල කියවපුවට මිනිස්සු මේ රටේ සාප කෙරුවා. ඒ නිසා තමයි ආණ්ඩුව එලෙව්වේ. දැන් තමන්නාන්සේලාගේ ආණ්ඩුව යටතේ මේ රටේ දෙන්නෙක් මිය යනවා. සංකූලතා ඇතිවෙනවා. මේ කෙහෙළිය රඹුක්වැල්ල ගෙනාපු ඒවගෙන් මිනිස්සු මැරුන් නෑ සංකූලතා ඇති වුණා. හැබැයි මේ ඖෂධය දැන් පාවිච්චි කරනවා."

රැළියටවත් එන්නැතුව රනිල් හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළිවේ

රැළියටවත් එන්නැතුව රනිල් හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළිවේ