පිළිකාවෙන් මියගිය මගේ අම්මටයි මටයි කුණුහරපෙන් බැන්නා මෙයාව මෙතනින් අයින් කරන්න නැත්නම් වෙන දේවල් වලට මම වගකියන්නේ නෑ

Report

අද දින (7) රැස්වූ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් ඔහුගේ ආසනය වෙනස් කරන්නැයි සභානායක වෙත අද හදිසි ඉල්ලීමක් කර ඇත.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් තමාට හා තම මවට අසභ්‍ය වචන මගින් බැන වැදීමේ චෝදනාවකටය. මන්ත්‍රීවරයා පවසා සිටියේ

" මේ ගජේන්ද්‍රම් පොන්නම්බලම් කියන මන්ත්‍රීවරයා පිළිකා රෝගයෙන් මියගිය මගේ මව හා මා එකට අල්වා අතිශය අසභ්‍ය ලෙස බැන වැදීමක් සිදු කර ඇත.කිසිදු පුද්ගලයෙකුට කීමට හෝ අසා සිටීමට නොහැකි ආකාරයේ අසභ්‍ය වචන මට හා මගේ මියගිය මවට එල්ල කරා. මේ හේතුවෙන් මට මගේ එදිනේදා පාර්ලිමේන්තු කටයුතු වලට අවදානය දීමටද අපහසුයි.එම නිසා මා අසලින් පනවා ඇති මේ ගජෙන්ද්‍රම් පොන්නම්බලම්ගේ ආසනය මගෙන් ඈත් කර වෙන තැනක පනවන්න.නැතහොත් මගේ ආසනය වෙනස් කරන්න.එසේ නැත්නම් ඔහු මා ළග සිටීම නිසා ඇතිවිය හැකි ගැටළු වලට මම වග කියන්නේ නැහැ.වැඩි දුරටත් ඔහුව පාර්ලිමේන්තු වරප්‍රසාද කණ්ඩායමෙන් වහාම ඉවත් කරන්න" ලෙස ඔහු අවධාරණය කළේය.

පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් - අලුත්ම ආරංචිය මෙන්න

පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් - අලුත්ම ආරංචිය මෙන්න