නොරොච්චෝලය බලාගාරයේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්ර දෙකක් අක්රීයයි මන්ත්රී නලින්ගෙන් හෙළිදරව්වක්
නොරොච්චෝලය බලාගාරයේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්ර දෙකක් ක්රියා විරහිත වී තිබෙන සමග ජන බලවේගයේ මන්ත්රීන් නලින් බණ්ඩාර ජයමහ මහතා සදහන් කර තිබේ.
ඔහු සඳහන් කළේ එහි එක් කොටසක් අධිධාරිතාවෙන් ක්රියාත්මක වන බවයි මන්ත්රීවරයා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
නොරොච්චෝලය විදුලි බලාගාරයේ බල බරපතල තත්ත්වයක් තියෙනවා. ඒකෙ ගල් අඟුරු ඇඹරුම් යන්ත්ර දෙකක් නතර වෙලා තියෙනවා. ඒ නිසා ඒකේ ප්ලාන්ට් එකක් දුවන්නේ අඩු ධාරිතාවෙන් ඒ වගේම දුමාරය වැඩිපුර නිකුත් වෙනවා.
තවද නොරොච්චෝලය විදුලි බලාගාරයේ එක් කොටසක වැඩ කටයුතු නතර කිරීමට සිදුව ඇති බවත් බලාගාරයේ එක් පද්ධතියක චිමිනියෙන් දැඩි ලෙස කළුදුමක් නිකුත්වය වන බවත් මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතාද ප්රකාශ කර ඇත.