චාමර සම්පත්ට ඇප
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් (රු. ලක්ෂ 20) මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අද (19) නියෝග කළේය.
පොදු දේපල පණත යටතේ පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මන්ත්‍රීවරයාව අද පෙරවරු 9ට පමණ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී ඔහුගේ ඇප අයදුම සලකා බැලීමෙන් අනතුරුව මෙම ඇප නියෝගය ලබාදෙන ලදී.
2016 වසරේදී, ඌව පළාත් මහ ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, පෙර පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෑග් ලබාදීමට රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපල පණත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.