දරුවෝ දෙන්නත් එක්ක වතුරට පැනලා අම්මා බේරිලා දරුවෝ නෑ

Report

අනුරාධපුර මල්වතු ඔයට තම දරුවන් දෙදෙනා සමඟ පැන්න කාන්තාවක ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල් ගත කර ඇති නමුත් ජල පහරට හසුව ගසාගෙන ගිය දරුවන් දෙදෙනා මෙතෙක් හමුවී නොමැත.

මොරටුව අඟුලාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මෙම කාන්තාව ඊයේ (02) දින අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ පිහිටි පාලම අසලින් දරුවන් ද සමඟ මල්වතු ඔයට පැන ඇත. අනතුරින් අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු අටක පිරිමි දරුවකු සහ වයස අවුරුදු හතර හමාරක ගැහැනු දරුවෙක් බව වාර්තා වේ.

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

ණය මුදලක් ලබාගෙන විදේශ රැකියාවක් සඳහා ගිය තම සැමියා දුරකථන ඇමතුම් පවා ලබා නොදෙමින් තමන් මගහරින බවත්, ණය හිමියන් මුදල් ඉල්ලා කරදර කිරීම ඉවසාගත නොහැකි වූ තැන තමන් මෙම තීරණය ගත් බවත් දිවි බේරාගත් කාන්තාව පොලිසියට පවසා ඇත.

රැකියාවක් සොයා යන බව නිවසට පවසා පෙරේදා (01) දහවල් කොළඹ කොටුවෙන් දුම්රියට නැග ඇති ඇය රාත්‍රී කාලයේ අනුරාධපුරයට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව ත්‍රිරෝද රථයකින් අදාළ ස්ථානයට පැමිණ ඇති ඇය දරුවන් තුරුලු කරගෙන ඔයට පැනීමට සූදානම් වූ අවස්ථාවේදී දරුවන් ඊට අකමැත්ත පළ කරමින් කෑගසා ඇති බව ද සඳහන් වේ. කෙසේ වෙතත් ජලයට පැන්න පසු දරුවන් තමාගෙන් ගිලිහී ගිය බවත්, තමන් ගසක රැඳුණු බව පමණක් මතක බවත් ඇය ප්‍රකාශ කර ඇත.

මල්අතු ඔයට පැන්න මව බේරාගනී - දරු දෙදෙනා සොයා මෙහෙයුම්

මල්අතු ඔයට පැන්න මව බේරාගනී - දරු දෙදෙනා සොයා මෙහෙයුම්

අනුරාධපුර මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නගරයට යන අතරතුර කාන්තාවක් ජල පහර මැද ගසක එල්ලී අත වනනු දැක, වහාම ක්‍රියාත්මක වී ගම්වාසීන් ද සමඟ එක්ව ලණු ආධාරයෙන් ඇයව ගොඩට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

පවතින අධික වර්ෂාවත් සමඟ මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ යාම සහ එම ප්‍රදේශයේ කිඹුලන් බහුලව ගැවසීම හේතුවෙන් අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මගින් දරුවන් සොයා සිදුකරන මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වී ඇත. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන සැකකාර මව අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.