දියණිය අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරිනියන්ට අම්මව අත්අඩංගුවට ගන්න වෙලා..
ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුට අඟරු චෙක්පත් දුන් කාන්තාවක් අම්පාර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී එම කාන්තාවගේ මව පොලීසියට බාධා කරන අයුරු ජංගම දුරකථනයක පටිගත වී තිබිණි.
අදාළ මවව සාපරාධී බලහත්කාරය පෑම, සැකකරුවෙකුට පැනයෑමට උදව් කිරීම හා කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ නිල ඇඳුමට හානි කිරීම යන චෝදනා මත අදාළ සැකකාරියගේ මවව අත්අඩංගුවට ගෙන අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. පසුව අම්පාර මහෙස්ත්‍රාත් නයෝමි වික්‍රමරත්න මහත්මිය විසින් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත ඇයව නිදහස් කර තිබේ.
කෙසේවෙතත් මෙම සිදුවීම වූ අවස්ථාවේදී සැකකාර දියණිය එම ස්ථානයෙන් පළා ගොස් තිබුන අතර ඇයව සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.