මවකගේ සෙනෙහස ගැන අසන්නට ලැබුණු සංවේදී සිදුවීමක්..
By Piyumika
තම වැඩිමහල් පුතු හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් වූ බව දැනගත් මවද ජීවිතක්ෂයට පත් වූ ඛේදනීය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ බිංගිරිය ප්‍රදේශයෙන්. තම පුතු මියගිය පුවත දැන මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිංගිරිය ප්‍රසන්නග ගම්මානයේ පදිංචිව සිටි අවුරුදු 70ක දෙදරු මවක්.
ඇගෙ වැඩිමල් පුතු හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වූ පුවත දැනගෙන ඇය පපුව වේදනාව ඇති වූ බව පවසමින් බිම වාඩි වී තිබෙනවා.
ඇය වහා රෝහල් ගත කළද පැය කිහිපයකට පසු ඇයත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මොවුන් දෙදෙනාගේම අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.