කොළඹ දිස්ත්‍රික්කය ළමුන්ට හිතකර තැනක් නෙවෙයිද?..

By Piyumika Jul 28, 2024 07:16 AM GMT
Report

මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි තෙක් ගත වූ මාස හයක කාලය තුළ ළමයින් සඳහා ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් ළමාරක්ෂක අධිකාරියට ලැබුණු බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ පැවසීය.

මසකට මෙවැනි පැමිණිලි ගණනාවක් ලැබෙන බවත් ළමයින් සම්බන්ධ වැඩිම පැමිණිළි ප්‍රමාණයක් ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් ඔහු සඳහන් කළේය.

මිතුරාගේ කොන්ද පණ නැතිකම නිසා මිතුරෙක්ට ජීවිතයට සමුදෙන්න සිදුවේ..

මිතුරාගේ කොන්ද පණ නැතිකම නිසා මිතුරෙක්ට ජීවිතයට සමුදෙන්න සිදුවේ..

දෙවැනියට ළමයින් සම්බන්ධව වැඩිම පැමිණිලි ගම්පහනිනුත්, තෙවැනියට කුරුණෑගලින් ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් කීය.

පසුගිය දිනවල දෙදරු පියෙකු සිය දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධව විමසීමේදී ඔහු මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කලේය .