පළාත් පාලන ආයතනයක 50%ක් යම් පක්ෂයකට නොලැබුණහොත් වෙන දේ

Report

පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵල මේවන නිකුත් වෙමින් පවතී.ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී පෙනීයන කාරණයක් වන්නේ, ඇතැම් පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් ලබා ඇති ආසන ගණනට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් සෙසු පක්ෂ එකතුව ලබා ගෙන ඇති බවයි.

සැකකරුවෙක් හොයන්න පොලිසිය සහය පතයි

සැකකරුවෙක් හොයන්න පොලිසිය සහය පතයි

ඒ අනුව, යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක බහුතර බලය ලබා ගත්ත ද, විපක්ෂයේ පිරිස් ඊට වඩා බලයක් ලබා ගතහොත් සිදුවන්නේ කුමක් දැයි සමාජ මාධ්‍ය ජාලාවල කතා බහක් ඇතිව තිබේ. පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන සභික සංඛ්‍යාව 50%ක් හෝ ඊට වැඩි වුවහොත් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති සහ උප සභාපති නම් කර එවන ලෙස මැතිවරණ කොමිසම දන්වනු ලබයි.

කඩුවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (VIDEO) (UPDATE)

කඩුවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (VIDEO) (UPDATE)

එහෙත් එසේ බලයක් ලබා නොගතහොත් ඊට මැතිවරණ කොමිසම මැදිහත් නොවී සභාපති හෝ නගරාධිපති පත් කර ගැනීම අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයන්ගේ එකඟතාව මත සිදුවේ. පළාත් පාලන ආයතනවල යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් තේරී පත් වන සභික සංඛ්‍යාවෙන් 50%ක හෝ ඊට වැඩි බලයක් ලබා නොගැනීම විශාල ගැටලුවක් නොවන බවත් එය තීරණාත්මක වන්නේ සභාපති හෝ නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී පමණක් බවත් වැඩිදුරටත් සදහන්.