කොටහේන වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්

Report

ඊයේ රාත්‍රියේදී කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදු වුණා.

එම වෙඩි තැබීමේ තොරතුරු කිහිපයක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පාතාල කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

නිවසක් ඉදිරිපිට රැඳී සිටි කාන්තාවකට සහ පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබුණා.

ජපන් වාහන ගණන් උස්සයි

ජපන් වාහන ගණන් උස්සයි

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාලකරු වයස අවුරුදු 42ක් හා තුවාලකාරිය වයස අවුරුදු 70ක් වන කොටහේන ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කලේ වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් යොදාගෙන ඇති බවයි.

අනාවරණය වූ කරුණු අනුව පෙනී යන්නේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පුකුඩුකන්නා නැමැති ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් බවයි.

කොටහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. 

මොහුව දන්නවනම් පොලිසියට කියන්න

මොහුව දන්නවනම් පොලිසියට කියන්න