ඉන්ධන මිල වෙනස් වෙයි?.

Report

මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය තව දින 04කින් සිදුවීමට නියමිත ය.

ඉන්ධන මිල වෙනස් වෙයි?. | Monthly Fuel Price Formula

එනම් මෙම මස 30 වැනිදා රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබෙනවා.

පසුගිය මැයි 31 වැනිදා අවසන්වරට ඉන්ධන මිල සංශෝධනය සිදු විය.

එම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩු වූ අතර දෙකක මිල ගණන් නොවෙනස්ව පැවැත්විණ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දැමූ අතර එහි මිල රුපියල් 355ක් ලෙසයි සටහන් විය.

එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පැවතුණ අතර එහි මිල රුපියල් 420ක් ලෙස වාර්තා විය.

තවද, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගිය අතර එහි මිල සටහන් වූයේ රුපියල් 317ක් ලෙස වේ.

හෙට දිනයේ දිවයින පුරාම පාසල් වැසෙයි ද?. ගත් විශේෂ තීරණයක් මෙන්න..

හෙට දිනයේ දිවයින පුරාම පාසල් වැසෙයි ද?. ගත් විශේෂ තීරණයක් මෙන්න..


මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.

ඒ ඔහුගේ X ගිණුම හරහා සටහනක් තබමින් ය.

ඒ අනුව, ලංකා තෙල් නීතිගත සංස්ථාව(CPC) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලැස්ම යටතේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරිපහදුව, ඉන්ධනවල ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, ධාරිතාව සහ පිරිවැය අඩුකිරීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ඉහළ නැංවීම වෙනුවෙන් වෙනම රජය සතු සහ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස පිහිටුවනු ඇති බව එම සටහන ඔස්සේ ඒ මහතා පැවසීය.