නිරිත දිග මෝසම ලංකාවටම කඩා වදියි - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවන තද වැසිද අපේක්ෂා කෙරේ.
එසේම උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව දැනුම්දී ඇත.
ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං හමනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.