භික්ෂුවක් පොලීසියට මාට්ටු - සුඛෝපභෝගී මෝටර් රථයෙන් කරපු විනාසේ
ඊයේ (10) කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් රාගම ප්‍රදේශයේ 43 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගෙන ඇත.
උන්වහන්සේ විසින් ව්‍යාජ අංක තහඩු සහිතව, නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීම යටතේ චෝදනා එල්ල වී ඇත.
එම මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි අංක තහඩු ව්‍යාජ ඒවා බවට විමර්ශන මගින් තහවුරු වීමෙන් පසුමෝටර් රථය උන්වහන්සේට ලැබුණේ ආකාරය ගැන පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.
