ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගාණක සුබ ආරංචියක් මෙන්න.

Report

කෙටි කාලීන සහ දිගු කාලීන වැඩසටහන් සඳහා කොටස් දෙකක් ලෙස ශ්‍රි ලංකාවේ ආර්ථික ස්ථායීකරණයට සහය දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 200ක් ලබා දී තිබෙනවා.

ලබන මාසයේ සිට රජය භාණ්ඩ වර්ග 97කට කරන්න යන දේ මෙන්න..

ලබන මාසයේ සිට රජය භාණ්ඩ වර්ග 97කට කරන්න යන දේ මෙන්න..

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ආර්ථිකමය වශයෙන් රට තුළ සිදු කෙරෙන දිගු කාලීන ව්‍යුහාත්මය වෙනස්කම් වෙනුවෙන් අදාළ මුදල ලබා දෙන බවයි.

කෙටි කාලීන වැඩසටහන 2023 වසර තුළ ක්‍රියාත්මක කෙරෙන අතර දිගු කාලීන වැඩසටහන 2024 වසරේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හිමිවීමෙන් පසු ජාත්‍යන්තර සංවිධාන වල සහාය ශ්‍රී ලංකාව වෙත තව දුරටත් හිමි වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.