මව්වරුන් 4000ක් වඳ කළා කියූ ෂාෆිට අධිකරණය දුන් අවසන් තීන්දුව මෙන්න.

Report

මව්වරුන් හාරදහසක පමණ පිරිසකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා එල්ල වී තිබු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද නියම කළා.

මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, වෛද්‍යවරයාට එරෙහිව ගොණු කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත් වීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව නිදොස් කොට නිදහස් කරන බවයි.

ඔයාගෙත් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යයට මේ වගේ ලීක් වෙන්න පුළුවන්..එහෙම උනොත් කළ යුතු දේ මොක්ද්ද.

ඔයාගෙත් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යයට මේ වගේ ලීක් වෙන්න පුළුවන්..එහෙම උනොත් කළ යුතු දේ මොක්ද්ද.


මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව අදාළ කාන්තාවන් විත්තිකාර වෛද්‍යවරයාගේ සැත්කම් නිසාම වඳ භාවයට පත්ව ඇති බවට සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ.