"ස්තුතියි මිතුරනි" මෝදිගේ Instagram වීඩියෝව පැය 24න් මිලියන 303ක නැරඹුම් වාර්තාවක්

By Malith Madushan Jul 25, 2026 08:58 AM GMT
Report

ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modiගේ Instagram වීඩියෝවක් පැය 24ක් තුළ මිලියන 303කට අධික නැරඹුම් සංඛ්‍යාවක් ලබාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වීඩියෝව නිකුත් වී ඇත්තේ නවදිල්ලියේ Jantar Mantar ප්‍රදේශයේ සිසුන් සහ තරුණයන් විසින් පැවැත්වෙන විරෝධතා අතරතුරය.

එම විරෝධතා සංවිධානය කර ඇත්තේ මෑතකාලීන තරග විභාග ප්‍රශ්නපත්‍ර කාන්දු වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වගවීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඉල්ලාය. "ස්තුතියි මිතුරනි" යනුවෙන් ආරම්භ වන නව වීඩියෝ පණිවිඩයෙන් අග්‍රාමාත්‍යවරයා තමන්ට ලැබුණු ප්‍රතිචාර සහ තරුණයන්ගේ යෝජනා සඳහා ස්තුතිය පළ කර තිබේ.

''ඉන්දිය තරුණ විරෝධතාවයේදී පෙලට් තුවක්කු භාවිත කළාද'' මතභේදයක් - තරුණයින්ගේ ශරීරවල පෙලට් කැබලි සිරවී තිබූ බව රෝහල් වාර්තාව හෙළි කරයි

''ඉන්දිය තරුණ විරෝධතාවයේදී පෙලට් තුවක්කු භාවිත කළාද'' මතභේදයක් - තරුණයින්ගේ ශරීරවල පෙලට් කැබලි සිරවී තිබූ බව රෝහල් වාර්තාව හෙළි කරයි

ඊට පෙර නිකුත් කළ වීඩියෝ පණිවිඩයකින් ඔහු විභාග ප්‍රශ්නපත්‍ර කාන්දු වීම සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, සිසුන්ගේ අධ්‍යයන වසරක් අහිමි නොවීමට නැවත විභාග කඩිනමින් පැවැත්වීමට පියවර ගත් බවත් සඳහන් කළේය.

එමෙන්ම, ප්‍රශ්නපත්‍ර කාන්දු කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් සහ ජාලයන්ට එරෙහිව කඩිනම් අධිකරණ ක්‍රියාමාර්ග සහ දැඩි දඬුවම් ඇතුළත් නව නීතිමය රාමුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

පසුකාලීන වීඩියෝ පණිවිඩයෙන් ජනතාවගේ අදහස් සහ සහයෝගය රජය සහ පුරවැසියන් අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කරන බවද ඔහු සඳහන් කළේය.

“අප වැනි ගොවි පවුල්වල දරුවන්ට මෙවැනි ඉහළ ගාස්තු ගෙවිය හැකිද'' ඉන්දිය තරුණයන් හඩ අවදි කරයි

“අප වැනි ගොවි පවුල්වල දරුවන්ට මෙවැනි ඉහළ ගාස්තු ගෙවිය හැකිද'' ඉන්දිය තරුණයන් හඩ අවදි කරයි