චෝදනා ලැබූ හමුදාවක්... මෝදිගේ ආරක්ෂක ගිවිසුමට විරෝධය

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීම, ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කළගම් පක්ෂයේ මහලේකම් වයිකෝ හෙවත් වයි ගෝපාල ස්වාමි මහතා දැඩිව හෙලා දැක තිබෙනවා.

නරේන්ද්‍ර මෝදි මහතා මෙම අවස්ථාවේ දී මෙවැනි ගිවිසුමකට යාම සුදුසු නොවන බවයි ඔහු කියා සිටියේ.

හිටපු රාජ්‍ය ඇමතිව රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

හිටපු රාජ්‍ය ඇමතිව රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා, සිවිල් යුද සමයේ ද්‍රවිඩ වැසියන් ලක්ෂය ඉක්මවූ පිරිසක් ඝාතනය කර ඇති බවට චෝදනාවට ලක්ව ඇති බවත් එවැනි හමුදාවක් සමග ජාත්‍යන්තර සම්බන්ධතා පැවැත්විය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කාන්තාවන් දහස් ගණනක් දූෂණය කර ඇති බව පවසන වයිකෝ, එකී අපරාධ විමර්ශනය කිරීම සදහා ශ්‍රී ලංකා හමුදා හේග්හී ජාත්‍යන්තර අධිකරණය හමුවට රැගෙන යා යුතු බවද පවසනවා. එවැනි අවස්ථාවක, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සමග ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීම හෙලා දැකිය යුතු බවයි ඔහු තවදුරටත් පැවසුවේ. 

රාජ්‍ය සේවයේ රාජකාරි නිසි ලෙස ඉටු නොවුනහොත් තීරණාත්මක පියවර.. - ජනපති අනුර

රාජ්‍ය සේවයේ රාජකාරි නිසි ලෙස ඉටු නොවුනහොත් තීරණාත්මක පියවර.. - ජනපති අනුර