හිතුවා මදි... මෝදිට හැට්ටි හැලෙන්න දෙයි... ප්‍රහාරක යානා 25ක් පොළොවට
By Akash
ඉන්දියාව සහ පාකිස්ථානය අතර මේ දිනවල යළි යුද ගිනි ඇවිලී තිබෙනවා. ඒ සමගම දෙරට අතර උණුසුම් තත්ත්වයන් වාර්තා වී ඇති අතර ගැටුම් උත්සන්න වී තිබෙන බවයි විදේශ වාර්තා පවසන්නේ.
පාකිස්තාන හමුදා විසින් කාශ්මීර්හි ඉන්දියානු ගම්මානයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් 16 දෙනෙකු මියගොස් තවත් 57 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඉන්දියාව විසින් පාකිස්තායේ ස්ථාන කීපයක තිබූ ගුවන් ආරක්ෂණ පද්ධතීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඇති අතර පාකිස්තානය පවසන්නේ ඉන්දීය ඩ්‍රෝන යානා 25 ක් වෙඩි තබා බිම හෙළු බවයි.
තම ප‍්‍රහාරයන්ගෙන් ඉන්දීය හමුදා සෙබළුන් 50ක් පමණ මියගොස් ඇති බවත් පාකිස්තානය කියා සිටියා.