ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය - මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදය

Report

දිට්වා' (Cyclone Ditwah) සුළිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ ජීවිත හානි සහ විනාශයාත්මක තත්ත්වයන් ගැන සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි, මෝදි මහතා මෙම සංවාදයේදී සුළිකුණාටුව හේතුවෙන් සිදුවූ ජීවිත හානිවලට සහ විනාශයාත්මක බලපෑම්වලට සිය ශෝකය පළ කරමින්, ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ස්ථිර සහයෝගයෙන් සිටින බවත් අවධාරණය කර ඇත. මෙම සංවාදයේදී ඉන්දියාව ලබාදී ඇති කඩිනම් සහන සහ බේරකුම් ක්‍රියාකාරකම් ගැන ජනාධිපති දිසානායක මහතා ගැඹුරු කෘතඥතාව පළ කරමින්, ඒවායේ කාර්යක්ෂමත්වය අගය කර ඇත.

ආපදා මරණ 390 දක්වා ඉහළට

ආපදා මරණ 390 දක්වා ඉහළට

සුළිකුණාටුවෙන් පීඩාවට පත් පුද්ගලයින් බේරකුම් කිරීම, සහන සැපයීම සහ ආපදා කළමනාකරණය සඳහා 'සාගර් බන්ධු' (Operation Sagar Bandhu) මෙහෙයුම යටතේ ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට මෝදි මහතා ජනාධිපති දිසානායක මහතාට සහතික වී ඇත. මෙය ඉන්දියාවේ 'පළමු ප්‍රතිචාරක' (First Responder) භූමිකාව සහ 'මහාසාගර' (Vision MAHASAGAR) දැක්ම සමග ගැලපෙන බවද ඔහු සඳහන් කර ඇත.

ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම, රජයේ සේවා අඛණ්ඩව පවත්වාගැනීම සහ ජනතාවගේ ජීවනෝපායන් යළි ගොඩනැගීම සඳහා අනාගතයේදී අවශ්‍ය සියලුම සහාය ලබාදෙන බවටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වී ඇත. මෙම සංවාදය අවසානයේදී දෙපාර්ශ්වයම නිරන්තර සන්නිවේදනයකින් සිටීමට එකඟ වී ඇත.

ආපදා මරණ සම්බන්ධයෙන් රජයට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට විපක්ෂය සූදානම්

ආපදා මරණ සම්බන්ධයෙන් රජයට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට විපක්ෂය සූදානම්