සියලුම දුරකථන සමාගම් මගින් නොමිලේ අන්තර්ජාල සබඳතා..මේ මැසේජ් එක ඔයාටත් ආවද බලන්න..

Report

සියලුම දුරකථන සමාගම් මගින් නොමිලේ අන්තර්ජාල සබඳතා ලබාදෙන බව සඳහන් කොට ලැබෙන කෙටි පණිවුඩ වෙත පිවිසීමෙන් සමාජ මාධ්‍ය ගිණුම් සහ ජංගම දුරකථන දත්ත වෙනත් පාර්ශව වෙත යොමුවිය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසනවා.

මෙලෙස නොමිලේ ඩේටා ලබාදෙන බව පවසමින් කෙටි පණිවුඩ, වට්සැප්, මැසේන්ජර් හරහා මෙන්ම දුරකථනය වෙත ලැබෙන සාමාන්‍ය පණ්වුඩයක් ලෙස ද ලැබිය හැකි බවයි, ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

අද පාසල් සහ රාජ්‍ය ආයතන වැසෙයි ද?..උදෙන්ම මේ ගැන දැනුවත් වන්න..

අද පාසල් සහ රාජ්‍ය ආයතන වැසෙයි ද?..උදෙන්ම මේ ගැන දැනුවත් වන්න..


එමෙන්ම අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙවැනි සබැඳි හා එක්වීමෙන් තම දත්ත වෙනත් පාර්ශ්වයක් මගින් ලබාගෙන ඇති බවට නිරන්තරයෙන් පැමිණිලි වාර්තා වන බවත්, නිරන්තරයෙන් මෙලෙස ලැබෙන සබැඳි හා යොමුවීමෙන් වැළකී සිටින ලෙසයි.