අද පාසල් සහ රාජ්‍ය ආයතන වැසෙයි ද?..උදෙන්ම මේ ගැන දැනුවත් වන්න..

Report

අද (09) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් ඊයේ දිනයේ නිකුත් කරනු ලැබුවා.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ අද(09) දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවයි.

ඒ, අනුව දෙමාපියන්ගේ සහයෝගය ඇතිව ලබන සතියේ සාමාන්‍ය පරිදි පාසල් කටයුතු කරගෙන යන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවයි පැවසුවේ.

අද ඔබ විවිධ රැවටිලි වලට හසුවිය හැකි දිනයක්..ඉතාමත් කල්පනාකාරීව මේ ලග්න වල අය වැඩ කරන්න..

අද ඔබ විවිධ රැවටිලි වලට හසුවිය හැකි දිනයක්..ඉතාමත් කල්පනාකාරීව මේ ලග්න වල අය වැඩ කරන්න..


අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ, රාජ්‍ය සේවා වෘත්තීය සමිති අද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලෙඩ නිවාඩු වර්ජනයට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.

පාසල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ අරමුණ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

දිවයින පුරා වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් ඊයේ (08) සහ අද (09) අසනීප නිවාඩු වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ මෙම විරෝධතාවයට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද සහභාගී වීමට නියමිතයි.