අතුරුදහන් වූ සෙව්වන්දි සිම්පතක් අලුතෙන් අරන් කතා කළේ කාට ද?

By Gagana News Feb 28, 2025 05:58 AM GMT
Report

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී මාකිලංගමුවේ සංජීව නොහොත් ගණේමුල්ල සංජීවගේ ඝාතනයෙන් පසු මේ වන විට අතුරුදන් කාන්තාව වෙඩි තැබීම සිදු වූ දිනට පෙර කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ වෙළෙඳසැලකින් සිම්පතක් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාව සහ වෙඩික්කරු වෙඩි තැබීම සිදු කළ පසුගිය 19 වැනිදාට පෙර දිනයේදී ලැගුම්ගෙන සිට ඇත්තේ වැලිවිට ප්‍රදේශයේ හෝටලයක් තුළයි.

පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹෙයි

පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹෙයි

එහි සිටියදී වෙළෙඳසැල වෙත පැමිණි කාන්තාව ඇගේ නමට මෙම සිම්පත මිලදී ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව අපරාධය සිදු කිරීම සඳහා සන්නිවේදන කටයුතු සිදු කිරීම සදහා මෙම සිම්පත උපයෝගි කරගන්නට ඇති බවට සැකකරන පොලිසිය, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.