සෞදි අරාබියට පළිගැනීමක්? ඇරම්කෝ පිරිපහදුවක් ඉලක්ක කළ බව හූතින් කියයි

Report

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුවක් ඉලක්ක කර බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව හූති සටන්කාමීන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යේමනයේ සානා ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෞදි අරාබිය විසින් එල්ල කළ බව කියන ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදුකළ බවයි හූති සංවිධානය සඳහන් කරන්නේ.

මෙම මෙහෙයුම “සාර්ථකව සිය අරමුණ සාක්ෂාත් කරගත්” බවත්, ඉලක්කගත ස්ථානවල ගිනිගැනීම් ඇති වූ බවත් හූති හමුදා ප්‍රකාශක යාහ්යා සාරි රූපවාහිනී ප්‍රකාශයක් මඟින් සඳහන් කර තිබෙනවා.

ඩීසල් ලීටරයකට රු. 800ක්? පෙට්‍රල් මිලත් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

ඩීසල් ලීටරයකට රු. 800ක්? පෙට්‍රල් මිලත් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

පසුගිය පැය 24ක කාලය තුළ සානා සහ යේමනයේ අනෙකුත් පළාත්වලට ගුවන් ප්‍රහාර 60ක් එල්ල වී ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එම ප්‍රහාර හේතුවෙන් මෙතෙක් එල්ල වී ඇති සමස්ත ප්‍රහාර සංඛ්‍යාව 1,420ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එම ප්‍රහාර සඳහා සෞදි අරාබිය වගකිව යුතු බවත් හූති හමුදා ප්‍රකාශකවරයා චෝදනා කර තිබෙනවා.

කෙසේ වෙතත්, රියාද්හි ඇරම්කෝ පිරිපහදුව ඉලක්ක කර එල්ල කළ බව කියන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි බලධාරීන් හෝ ඇරම්කෝ සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව වාර්තා වනවා.

ගුරු සිසුවියන්ට ලිංගික හිරිහැර.. ලකුණු අඩු කරයි කියන බියෙන් පැමිණිලි නොකළ බවට හෙළිදරව්වක් - කථිකාචාර්යවරයෙකු අත්අඩංගුවට

ගුරු සිසුවියන්ට ලිංගික හිරිහැර.. ලකුණු අඩු කරයි කියන බියෙන් පැමිණිලි නොකළ බවට හෙළිදරව්වක් - කථිකාචාර්යවරයෙකු අත්අඩංගුවට

යේමන ගැටුම

2015 මාර්තු මාසයේ සිට සෞදි අරාබිය, සානා ඇතුළු යේමනයේ ප්‍රදේශ කිහිපයක් පාලනය කරන හූති සටන්කාමීන්ට එරෙහිව සටන් කරන, යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් රජයට සහාය දක්වන හමුදා සන්ධානයකට සහාය ලබාදී තිබෙනවා.

මේ අතර, පසුගිය සතියේදීද යන්බු ප්‍රදේශයේ පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුවක් ඉලක්ක කර හූති සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වුණා.

එම ප්‍රහාරයේදී එල්ල කළ මිසයිල හයක්ම ඉහළ අහසේදීම විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් වූ බවද වාර්තා වී තිබෙනවා.

අද ලග්න 12ටම මොකද වෙන්නේ? ඔක්තෝබර් 04 ලග්න පලාපල මෙන්න

අද ලග්න 12ටම මොකද වෙන්නේ? ඔක්තෝබර් 04 ලග්න පලාපල මෙන්න