මිස් ඇමරිකා එක්සත් ජනපද තරගාවලියේ නව පෙරළියක් - වයස් සහ විවාහක තත්ත්ව සීමා අභිබවා ගිය 31 හැවිරිදි ජස්ටස් කෙලී ජයග්‍රහණය කරයි

Report

75 වැනි මිස් ඇමරිකා එක්සත් ජනපද තරගයේ ජයග්‍රාහිකාව ලෙස වර්ජිනියා නියෝජනය කළ ජස්ටස් කෙලී කිරුළු පළඳා තිබේ. බ්‍රහස්පතින්දා මියාමිහි ඇඩ්‍රියන් අර්ෂ්ට් පර්ෆෝමින් ආර්ට්ස් මධ්‍යස්ථානයේ පැවති අවසන් තරගයේදී ඇය ජයග්‍රහණය කළ අතර, 1970 වසරෙන් පසු වර්ජිනියා ප්‍රාන්තයෙන් මෙම කිරුළ දිනාගත් පළමු කාන්තාව බවටද පත්විය.

ඇයට කිරුළ පළඳවනු ලැබුවේ 2025 මිස් ඇමරිකා එක්සත් ජනපද කිරුළ හිමි ඕඩ්‍රි එකර්ට් විසිනි. 31 හැවිරිදි කෙලී දරුවන් දෙදෙනෙකුගේ හදා වඩා ගත් මවක් වන අතර, ලාභ නොලබන සංවිධානයක නිර්මාතෘවරියක සහ ළමා පොත් කතුවරියක ලෙසද කටයුතු කරයි.

ඇය මිස් ඇමරිකා එක්සත් ජනපද කිරුළ දිනාගත් පළමු විවාහක කාන්තාව, පළමු මව සහ වයස අවුරුදු 30 ඉක්මවූ පළමු ජයග්‍රාහිකාව බවට පත්වීමද විශේෂත්වයකි.

විවාහක කාන්තාවන්ට සහ මව්වරුන්ට තරගයට එක්වීමට අවස්ථාව ලබාදී ඇත්තේ 2023 වසරේ සිට වන අතර, වයස අවුරුදු 18 සහ ඊට වැඩි සියලුම කාන්තාවන්ට තරග කිරීමට අවස්ථාව හිමි වූ පළමු වසර වූයේ 2024 වසරයි.

ඊට පෙර තරගකරුවන් සඳහා පැවති උපරිම වයස් සීමාව අවුරුදු 28ක් විය. නව කිරුළ හිමි කෙලී නොවැම්බර් මාසයේ පුවර්ටෝ රිකෝහි පැවැත්වීමට නියමිත මිස් යුනිවර්ස් තරගයේදී එක්සත් ජනපදය නියෝජනය කිරීමට නියමිතය.

අවසන් තරගයට තරගකාරියන් 51ක් මෙවර තරගාවලියේ මූලික වට සඳහා කාන්තාවන් 51 දෙනෙකු එක්ව සිටි අතර, ඔවුන් පිහිනුම් ඇඳුම්, සන්ධ්‍යා ගවුම් සහ සම්මුඛ පරීක්ෂණ වට සඳහා සහභාගී වූහ. ඉන් ඉහළම තරගකාරියන් 20 දෙනා පිහිනුම් ඇඳුම් වටයටත්, ඉහළම 10 දෙනා සන්ධ්‍යා ගවුම් වටයටත් තෝරා ගනු ලැබීය.

අවසන් තරගකාරියන් පස්දෙනාගෙන් අවසාන ප්‍රශ්නයකට පිළිතුරු ලබාගත් අතර, කෙලීගෙන් විමසා තිබුණේ වසර 75ක ඉතිහාසය තුළ මිස් ඇමරිකා එක්සත් ජනපද කිරුළ ඇමරිකානු කාන්තාවන්ගේ වෙනස්වන භූමිකාව පිළිබිඹු කර ඇති ආකාරය සම්බන්ධයෙනි.

ඊට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ තමන් වයස අවුරුදු 31ක කාන්තාවක් බවත්, වසර නවයකින් තම විශ්වවිද්‍යාල පෙම්වතා සමඟ විවාහ වී සිටින බවත්, ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ හදා වඩා ගත් දෙමාපියන් බවත්ය.

තම ජයග්‍රහණය හරහා කාන්තාවන්ට තම වෘත්තීය අභිලාෂ, පවුල් ජීවිතය සහ සිහින අතරින් එකක් තෝරා ගැනීමට අවශ්‍ය නොවන බව පෙන්වා දීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී කෙලී සඳහන් කළේ මෙම ඓතිහාසික ජයග්‍රහණය තමන්ට “විශාල ගෞරවයක්” බවයි.

පළමු මව සහ විවාහක කාන්තාව ලෙස කිරුළ දිනාගැනීම සම්බන්ධයෙන් ඇය කියා සිටියේ එය වගකීමක් ලෙස සලකන බවත්, තමන් මෙම කිරුළ දිනාගත් පළමු තැනැත්තිය වුවද අවසාන තැනැත්තිය නොවන බවත්ය. සකසුරුවම් කළ ඇඳුම්වලින් තරගයට කෙලී සකසුරුවම් වෙළඳසැල්වලින් ඇඳුම් මිලදී ගැනීමට දැඩි කැමැත්තක් දක්වන අයෙකු වන අතර, තරගයේදීද එවැනි ඇඳුම් භාවිත කර තිබීම විශේෂත්වයකි.

ඇය සඳහන් කර ඇත්තේ තරග සති අන්තය සඳහා සෑම වටයකටම සකසුරුවම් වෙළඳසැල්වලින් ලබාගත් ඇඳුම් භාවිත කළ බවයි. තම පළමු ප්‍රාන්ත මට්ටමේ තරගයකදී ගුඩ්විල් වෙළඳසැලකින් ඩොලර් 9.99කට මිලදී ගත් ඇඳුමක් පැළඳ සිටි බවද ඇය සිහිපත් කළාය.

තරග වේදිකාවට පැමිණීමට විශාල මුදලක් වැය කිරීමට අවශ්‍ය නොවන බව පෙන්වා දීමද තම අරමුණක් වූ බව කෙලී පැවසුවාය. මෙවර නව “වාණිජ ආකර්ෂණ” කාණ්ඩයක් මෙවර මිස් ඇමරිකා එක්සත් ජනපද තරගාවලියේදී “වාණිජ ආකර්ෂණය” නමින් නව කාණ්ඩයක්ද හඳුන්වා දී තිබුණි.

මෙම කාණ්ඩය යටතේ තරගකාරියකට අනුග්‍රාහකයන් සහ ප්‍රධාන වෙළෙඳ නාම ආකර්ෂණය කරගැනීමට ඇති හැකියාව ඇගයීමට ලක් කර තිබේ. තරගයේ සත්කාරක අයන් සියරිං සඳහන් කළේ මිස් ඇමරිකා එක්සත් ජනපද කිරුළ පැළඳ සිටින කාන්තාව සමඟ ව්‍යාපාරික වශයෙන් කටයුතු කිරීමට ලෝකයේ සෙසු පිරිසට අවශ්‍ය වන ආකාරයේ ආකර්ෂණයක් ඇය සතු විය යුතු බවයි.

1993 මිස් ඇමරිකා එක්සත් ජනපද කිරුළ හිමි කෙන්යා මුවර්ද සඳහන් කළේ තරගය ජයග්‍රාහිකාවගේ කැමරාව ඉදිරියේ කටයුතු කිරීමේ හැකියාව සහ ප්‍රධාන වෙළෙඳ නාම හා රූපලාවණ්‍ය ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ වීමේ හැකියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි.

ප්‍රේක්ෂක ඡන්දයටත් අවස්ථාව මෙවර අවසන් තරගයේදී ප්‍රේක්ෂකයින්ටද ඉහළම තරගකාරියන් 10 දෙනා තෝරා ගැනීම සඳහා ඡන්දය ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණි. නිවසේ සිට තරගය නැරඹූ ප්‍රේක්ෂකයින්ට අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ලබාදීමට මිනිත්තු 12ක කාලයක් හිමි වූ අතර, එම ඡන්ද විනිසුරුවන්ගේ ලකුණු සමඟ ඒකාබද්ධ කර තිබේ.

කෙසේ වෙතත්, අවසන් ප්‍රතිඵලය සඳහා ප්‍රේක්ෂක ඡන්දවලට ලබාදුන් නිශ්චිත බර පැහැදිලිව අනාවරණය කර නොතිබුණි. අර්බුදවලින් පසු තරගාවලියේ වෙනස්කම් පසුගිය වසර කිහිපය තුළ වංචා චෝදනා, නඩු සහ කිරුළු අත්හැරීම් ඇතුළු විවිධ මතභේදවලට මුහුණ දුන් මිස් ඇමරිකා එක්සත් ජනපද සංවිධානය මෙවරද වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.

2020 වසරේ සිට තරගාවලියට නායකත්වය ලබාදී ඇත්තේ විවිධ නායකයින් තිදෙනෙකු විසිනි. මෙවර අවසන් තරගය මුලින් CW නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතව තිබුණද, අගෝස්තු 20 වනදා එම නාලිකාව සිය කාලසටහනෙන් මිස් ඇමරිකා එක්සත් ජනපද සහ මිස් ටීන් ඇමරිකා එක්සත් ජනපද අවසන් තරග ඉවත් කර තිබුණි.

සමිතා මුදුන්කොටුව ගැන පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත ගැන සමිතයි කාවින්ද්‍යායි දෙන්නම නිහඩතාව බිදියි

සමිතා මුදුන්කොටුව ගැන පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත ගැන සමිතයි කාවින්ද්‍යායි දෙන්නම නිහඩතාව බිදියි

එදිනම මිස් ඇමරිකා එක්සත් ජනපද සංවිධානය සිය සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ ප්‍රකාශ කළේ තම මහජන සම්බන්ධතා කටයුතු සම්බන්ධයෙන් ගිවිසුම්ගත ගැටලුවක් හඳුනාගෙන ඇති බවයි.