මිරිහානේදී බස් රථයට ගිනිතැබූ පුද්ගලයා සොයාගනියි..? සැකකරුවෙකු අත්තඩංගුවට..

Sri Lanka Police Go Home Gota SL Protest Ministry of Defense Sri Lanka Go Home Mahinda
By Sithumi May 19, 2022 03:16 PM GMT
Sithumi

Sithumi

Report

මිරිහානේදී ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා අතරතුර බස් රථයකට ගිනිතැබූ සැකකරුවෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් මාර්තු 31 වනදා මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ මාර්ගයේදී පැවති විරෝධතාවයක් අතරතුර එම ප්‍රචණ්ඩකාරී සිද්ධිය ඇතිවී තිබුණි. අදාළ සැකකරුව අද (19) දින අත්අඩංගුවට ගෙන තිබුණේ දැරණියගල ප්‍රදේශයේදීය.

පොලීසිය සඳහන් කළේ 42 හැවිරිදි සැකකරු ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේ පුද්ගලික මෝටර් රථ අමතර කොටස් ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බවය. අපරාධ චෝදනා යටතේ සැකකරුව හෙට (20) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලීසිය සඳහන් කළේ මහජන සහාය ඉල්ලමින් මාධ්‍යට නිකුත් කළ වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now