විපතට පත් ජනතාවට විශේෂ වැඩසටහනක්
මීරිගම ගුවන් හමුදා කඳවුරේදී දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් සංවිධානය කර ඇත. මෙය දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඩල්ගම අකරංගහ ජයසුමනාරාම විහාරස්ථානයේ දී සංවිධාන කර තිබු අතර බඩල්ගම අකරංගහ ජයසුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ජූප්‍ය අකරංගහ ලංකාතිලක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි වෛද්‍ය කඳවුර සංවිධාන කර ඇත.
මීරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් තුෂාර බණ්ඩාර මහතාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකයේ වෛද්‍ය කණ්ඩායම්වල සහයෝගය ඇතිව වෛද්‍ය කඳවුර ක්‍රියාත්මක වී තිබේ.
විපතට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම අරමුණු කර ගනිමින් සංවිධාන කළ මෙම සෞඛ්‍ය කදවුරේ දී එක්ස් ස්‍රේ, ඊ සී ජී පරීක්ෂණ ඇතුලු සියලු වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදුකෙරුණු අතර අවශ්‍ය ප්‍රතිකාර ද නොමිලේම ලබාදුන් අතර ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.