අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්. - පාසල් සිසුන්ට දීමනාව ලබදෙන්නේ මෙන්න මේ විදිහට.
පාසල් අභ්‍යාස පොත් සහ උපකරණ මිලදී ගැනීමට ක්‍රියාත්මක කරන දීමනාව ලබාදීමේ වැඩසටහන අස්වැසුම ප්රතිලාභ ලබන පවුල් සඳහා පමණක් සීමා නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
අස්වැසුම නොලබන, නමුත් ආර්ථික අපහසුතා ඉතා ඉහළ මට්ටමකින් තිබෙන දරුවන් සඳහා ද අදාළ දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි එහි ලේකම් නාලක කළුවැව මහතා කියා සිටියේ.
ඒ, අනුව අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් තෝරාගැනීමේ කටයුතු ඉදිරි දිනවල කඩිනමින් සිදු කරන බවයි ලේකම්වරයා කියා සිටියේ.
බැංකු ණය ගත්ත අයට 2025 දෙසැම්බර් 12 මොකද වෙන්නේ? - පරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම ජනපති හෙළි කරයි. - (VIDEO)
මේ පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් සඳහන් කළේ, පැවති ආර්ථීක අර්බුධය හේතුවෙන් පාසල් ළමුන්ගෙන් 55% කගේ අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වී ඇති බවයි.
ඒ අතරින්ද ග්‍රාමීය හා වතු ආශ්රිත දරුවන්ට වැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, බලපෑමට ලක් වූ ළමුන් අතරින් පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම මුළුමනින්ම නවතා දමා ඇති පිරිස 53.2%ක් බවත් ඇය පෙන්වා දෙනවා.
You May Like This Video