CID ගිය.. අධිකරණ ඇමතිගෙ නම ඉස්සරහට වැටුණ ආචාර්ය පට්ටම.. ආන්දෝලනාත්මක දෙයක් එළියට..

Report

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් තිබූ ආචාර්ය පදවියට අදාළ විස්තර සපයා ඇත්තේ, පාර්ලිමේන්තු සභානායක කාර්යාලයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කළේ ය.

ඒ අනුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සභානායක කාර්යාලයෙන් නිකුත් වූ ලිපියක් උපුටා දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ඊයේ (23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව පැවසීය.

වහාම, ජනවාරි 10 වෙනිදා දක්වා රජයෙන් විශේෂ අවසරයක් ලබා දෙයි..

වහාම, ජනවාරි 10 වෙනිදා දක්වා රජයෙන් විශේෂ අවසරයක් ලබා දෙයි..

අමාත්‍ය හර්ෂණ නානායක්කාර පසුගිය 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

ඒ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් පිළිබඳව සඳහන් වීම සම්බන්ධයෙන් ය.

ඒ අනුව තමන් කිසිදු අයුරකින් ආචාර්ය පදවියක් තම නම ඉදිරියෙන් භාවිත නොකළ බවත් එය කිසියම් පිරිසක් සැලසුම් සහගතව තමන් සහ තම දේශපාලන ව්‍යාපාරය අපහසුතාවට පත් කිරීම සඳහා කළ අසාර්ථක උත්සහයක් බවත් අධිකරණ අමාත්‍යවරයා එහිදී පවසා තිබිණ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක්?.(VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක්?.(VIDEO)

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම්වරයා, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැණින.

You May Like This Video👇 

.