වහාම, ජනවාරි 10 වෙනිදා දක්වා රජයෙන් විශේෂ අවසරයක් ලබා දෙයි..

Report

එළඹෙන ජනවාරි මස 10 වැනිදා දක්වා සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට වෙළෙඳ අමාත්‍යවරයා එකඟ වූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ සහල් හිඟය තවමත් පැවතීම හේතුවෙන් ය.

ජනපති අනුරගෙන්, වහා නිළධාරීන්ට නියෝගයක්.. විය යුතු දෙය මෙන්න..

ජනපති අනුරගෙන්, වහා නිළධාරීන්ට නියෝගයක්.. විය යුතු දෙය මෙන්න..

ඊයේ (23) පැවති සාකච්ඡාවකින් පසු ආනයනකරුවන් සදහන් කළේ, ඊට අදාළ යෝජනාව අමාත්‍යවරයා ඊයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය.

වෙළෙඳපොළේ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස සහල් ආනයනය සඳහා ලබාදී තිබූ කාලය දෙසැම්බර් 20 වැනිදායින් අවසන් විය.

පැන වූ ටියුෂන් තහනම උඩු දුවයි.. නි.ඇමති වහා මැදිහත් වෙයි.. ගත්ත විශේෂ තීරණය මෙන්න..(VIDEO)

පැන වූ ටියුෂන් තහනම උඩු දුවයි.. නි.ඇමති වහා මැදිහත් වෙයි.. ගත්ත විශේෂ තීරණය මෙන්න..(VIDEO)

මේ දක්වා මෙරටට ගෙන්වා තිබූ සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 67,000කි.

රජයේ පාර්ශ්වයෙන් ආනයනය කෙරෙන මෙට්‍රික්ටොන් 70,000ක සහල් තොගයේ පළමු තොගය වන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඇණවුම් කළ මෙට්‍රික්ටොන් 5,200ක තොගය කොළඹ වරායට ළඟාවීමට නියමිතව ඇත්තේ අද (24) දිනයේ දී ය.

එමෙන්ම, රජය ඇණවුම් කර ඇති සෙසු තොග ගෙන්වීමේ කටයුතු අවසන් කිරීම ලබන සතිය තුළ සිදුකෙරෙන බවද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පෞද්ගලික අංශය ද තවත් සහල් තොග ආනයනය කිරීමේ අරමුණින් ආනයනකරුවන්ගේ සංගමය ලෙස වෙළෙඳ අමාත්‍යවරයාට පෙරේදා දින ලිපියක් භාර දී තිබිණ.

You May Like This Video👇 

.