ඇමරිකාවේ නව තීරු බදු ගැන කතා කරන්න ඇමති විජිත හේරත් හොයන් ගියේ කාවද?

Vijitha Herath Sri Lanka United States of America Julie Chung
By Zara Apr 07, 2025 04:40 PM GMT
Zara

Zara

Report

අද (07) පස්වරුවේ ඇමරිකාවේ පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය හමුව තිබෙනවා.

ඒ අමාත්‍යංශ පරිශ්‍රයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

මෙහිදී ඇමරිකාව ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා අමෙරිකානු තානාපතිනිය සමග සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ ඇමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

2022 වසරේදී ශ්‍රි ලංකාව පුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටමන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් - ඡන්දෙ තීන්දුයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් - ඡන්දෙ තීන්දුයි

මෙන්න ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ලැබුණු විශේෂ නිවේදනයක්

මෙන්න ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ලැබුණු විශේෂ නිවේදනයක්

ReeCha