විදුලිබල ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් - ඇත්ත තේරුම් ගත්ත එකට සතුටුයි විදුලිබල ඇමති කියයි
විදුලිබල ප්‍රතිව්‍යූහගතකරණය අවසන් බවත් වෘත්තීය සමිති යථාර්ථය තේරුම් ගැනීම ගැන සතුටු වන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සදහන් කර තිබේ .
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (11) දින විදුලි බල ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළ, සේවක අයිතිවාසිකම් සුරැකීම, සමහර වෘත්තීය සමිති ගත් වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇත .
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා තවදුරටත් සදහන් කළේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට විදුලිබල ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් ආරම්භ කළ විදුලිබල ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළ සාර්ථකව අවසන් කර ඇති බවත්, ඒ යටතේ පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය සහිත නව ආයතනවල ක්‍රියාකාරිත්වය මේ වන විට ආරම්භ කර තිබෙන බවයි
මෙම සමස්ත ක්‍රියාවලිය පුරාම සේවක අයිතිවාසිකම් සහ වරප්‍රසාද සුරැකීමට රජය කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සේවක දුක්ගැනවිලිවලට සවන් දෙමින් වෘත්තීය සමිති සමඟ නිරන්තර සාකච්ඡා පවත්වාගෙන ගිය බවද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය අහෝසි කර නව ආයතන පිහිටුවීමෙන් පසුව පමණක් ඉටුකළ හැකි ඉල්ලීම් පවා, ඒවා ඉල්ලීමටත් පෙර ඉටුකිරීමට රජය පොරොන්දු වී තිබූ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා තවදුරටත් සදහන් කර තිබේ