මේ සේවකයන්ට සුබ ආරංචියක් - කෑම ප්‍රශ්නේ විසඳෙයි

Report

වරාය අධිකාරියේ සේවක මහතුන් වෙත ලබාදෙන ආහාර පැකට්ටුවේ ප්‍රමිතිය ඉහළ නැංවීමට කටයුතු කරන මෙන් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (18) දින උපදෙස් දී ඇත.

ඒ අනුව දිනකට ආහාර පැකට්ටු 7,500ක් පමණ පිළියෙල කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන මුළුතැන්ගෙය වෙත වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදු කරමින්, සේවක මහතුන් වෙත ලබාදෙන ආහාරයේ ප්‍රමිතිය, ගුණාත්මකභාවය, සෞඛ්‍යාරක්ෂිතභාවය සහ ආහාර සැකසීමේ ක්‍රියාවලිය පිළිබඳ මෙසේ සොයා බලා තිබෙනවා.

මේ අයට සුබ ආරංචියක් - අද ඉඳන් මේ QR කේතයෙන් හැම විස්තරේම දැනගන්න පුළුවන්

මේ අයට සුබ ආරංචියක් - අද ඉඳන් මේ QR කේතයෙන් හැම විස්තරේම දැනගන්න පුළුවන්

ඉකුත් කාලසීමාවේ සේවක මහතුන් වෙතින් ආහාරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.

වරාය අධිකාරිය විසින් විශාල මුදලක් වැය කරමින් ආහාර සැපයීම සිදු කරන බැවින්, එම ආහාර ප්‍රමිතියෙන් යුතු, ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත මට්ටමක පවත්වාගෙන යා යුතු බවට අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

වෙසක් එකට තවත් වෙනසක් - මීට පස්සේ දන්සල්වලට පිරිස ගෙන්වන්න මේවා කරන්න බෑ - දිවයිනටම විශේෂ චක්‍රලේඛයක්

වෙසක් එකට තවත් වෙනසක් - මීට පස්සේ දන්සල්වලට පිරිස ගෙන්වන්න මේවා කරන්න බෑ - දිවයිනටම විශේෂ චක්‍රලේඛයක්

බස් වල ගමන් කරන්නන්ට සුභ ආරංචියක් - ආයේ අමාරුවෙන් ගිය කාලේ ඉවරයි

බස් වල ගමන් කරන්නන්ට සුභ ආරංචියක් - ආයේ අමාරුවෙන් ගිය කාලේ ඉවරයි

GalleryGallery